ක්‍රීඩාවේ ගමන ඉක්මන් කිරීමට වැඩ පිළිවෙළක්
මෙම වැඩ මුළුවට දේශකයන් ලෙස ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය ආර් සෙනවිරත්න,ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු, ජාතික තේරීම් කමිටු සභාපති එයාර් වයිස් මාෂල් කෝලිත ගුණතිලක, වෛද්‍ය ලාල් ඒකනායක,විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර සහජාතික ක්‍රීඩා විද්‍යායතනයේ පළමු අධ්‍යක්ෂ යෝගානන්ද විජේසුන්දර යන පිරිස සහභාගි වීමට නියමිතය.

ක්‍රීඩා සංගම්වල කාර්යක්ෂමතාවය වර්ධනයට සහ එම වැඩ කටයුතු විධිමත් කිරීමට අවශ්‍යය ක්‍රියාපටිපටි ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය ප්‍රතිපාදන කවරේද යන්න පිළිබදව සාකච්ඡා කිරීමට විශේෂ වැඩ මුළුවක් ජූලි 26 දා දවස පුරා ඔලිම්පික් නිවහනේ දී පැවත්වේ.සියයකට අධික පිරිසක් සශභාගි වනු ඇතැයි විශ්වාස කරන මෙම වැඩ මුළුවේ දී ක්‍රීඩා සංවර්ධනයට බලපාන ප්‍රායෝගික ගැටළු මෙන්ම රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස හේතුවන ජාතික සහ පාසල් ක්‍රීඩා සංගම් අතර ඇතිවන මතවාදිමය ගැටළු මෙන්ම අනවබෝධය ද සාකච්ඡාවට ගැනීඹට නියමිතය.
මෙම වැඩ මුළුවට දේශකයන් ලෙස ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය ආර් සෙනවිරත්න,ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු, ජාතික තේරීම් කමිටු සභාපති එයාර් වයිස් මාෂල් කෝලිත ගුණතිලක, වෛද්‍ය ලාල් ඒකනායක,විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර සහජාතික ක්‍රීඩා විද්‍යායතනයේ පළමු අධ්‍යක්ෂ යෝගානන්ද විජේසුන්දර යන පිරිස සහභාගි වීමට නියමිතය.
Jul 25, 2011 at 9:07 PM